බප/මිනු/නිල්පනාගොඩ මහා විද්‍යාලය

mm

පාසලේ ඉතිහාසය

දෙවන වාර පරීක්ෂණය-2024

තාක්ෂණ කුසලතා නිර්මාණ භාරදීමේ අවසාන දිනය

396266994_344428948087275_9022794862933853042_n.jpeg
WhatsAppImage2024-07-15at200215_89b38de4.jpeg
345664543_555763723341002_7426726501004349053_n.jpeg

බප/ගම්/මිනු නිල්පනාගොඩ මහා විද්‍යාලය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශය තුල නිල්පනාගොඩ නම් වූ ග්‍රාමයේ සුන්දර පරිසරයක් මධ්‍යයේ පිහිටා ඇත.පාසල අවට ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ දරුවන් අප පාසලේ අධ්‍යාපනය ලබන අතර සමාජයට දායාද වූ යහපත් බුද්ධිමත් පුරවැසියන් රාශියක්ද පාසලෙන් බිහිවී ඇත.

මීට වර්ෂ 134 පමණ පෙර ගමේ දරැවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට පන්සල හැර වෙනත් ආයතනයක් නොතිබු බැවින් නිල්පනාගොඩ ශ්‍රී විජයවර්ධනාරාම විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ පූජ්‍ය සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ විසින් පාසල ආරම්භ කිරීමේ අදහස ඉදිරිපත් කර ඇත.ඒ අනුව නිල්පනාගොඩ විසු නැසී ගිය ඒ.ඩී සරදිලේ ප්‍රනාන්දු මහතා පරිත්‍යාග කළ අක්කර භාගයක පමණ වූ භූමි ප්‍රමාණයක මෙම පාසල 1890 දී ප්‍රාථමික පාසලක් ලෙස ආරම්භ වී ඇත.
මෙහි මුලින්ම සිසුන් 48 දෙනෙකු අධ්‍යාපනය ලබා ඇති අතර එක් ගුරුවරයෙකු පමණක් සේවය කළ බව කියවේ.1900 දී මෙම පාසල උපකෘත පාසලක් බවට පත් වී ඇති අතර 1902 දී රජය සතු පාසලක් බවට පත් වී ඇත.

1902 සිට සේවය කළ විදුහල්පති ලේඛනය (සොයාගත හැකි වූ තොරතුරු අනුව)
    • N.K.N. ප්‍රේමරත්න මහතා
    • දොන් හෙන්ද්‍රික් අත්තනායක මහතා
    • M. වලිමුණි දේව මහතා
    • A. ජයකොඩි මහතා
    • E. රූපසිංහ මහතා
    • H.F. සේනානායක මහතා
    • H.A. උපසේන මහතා
    • B.A. පියදාස මහතා
    • K.P. ද සිල්වා මහතා
    • R.L.P.P. රාජපක්ෂ මහතා
    • චන්ද්‍රපාල මහතා

1971 දී මහා විද්‍යාලයක්  බවට පත් වී 1980 දක්වා කාලය තුළ පී. සූරිය ආරච්චි මහතා වැඩ බලන විදුහල්පති ලෙස පත් වී ඇත. ඉන් අනතුරුව පී.ඒ සිරිල් මහතා විදුහල්පති ලෙස පත් විය. 1986 දී පමණ පාසලේ අ.පො.ස (උ/පෙළ) විෂය ධාරාවද ක්‍රියාත්මක වී ඇත.මෙම කාලය තුළ පාසලේ සේවය කළ ඩබ්ලිවු.ඒ. වතුකාරගේ මහතා විසින් පාසල් ගීය නිර්මාණය කර ඇත.ඉන්පසු කාලයේදී ඒ.ඩි.එස් කරුණාරත්න මහතා, එල්. ඒ.ජේ විජේසුන්දර මහතා, සෝමසිරි මහතා, බී.එම් හේරත් මහතා පාසලේ දියුණුවට නොමඳ සේවයක් කර ඇත.ඉන් පසුව ඊ.ඒ.ඊ වීරසිංහ මහතාද විදුහල්පති ලෙස වැඩ බලා ඇත. අනතුරුව ඩී.එම් උපාලි දිසානායක මහතාද දීර්ඝ කාලයක් විදුහල්පති ලෙස සේවය කළේය. ඉන්පසු ආර්.එම්.පී චන්ද්‍රරත්න මහතාද විදුහල්පති ලෙස වැඩ බලන ලදී.
2015.02.13 දින සිට කේ.එච්.ඩී.කේ.පී කුමාරසිංහ මහත්මිය විදුහල්පතිනිය ලෙස කටයුතු කරයි.මේ වන විට පාසලේ ගුරු මහත්ම මහත්මීන් 18ක් සේවය කරන අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 398 කි.  

ආරම්භ කළ වර්ෂය

1890 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

48

මුල් ගුරුතුමාගේ නම

එම්. ඒ. ජයසේන මහතා

පාසලේ ආදි කතෘගේ නම

සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

නිල්පනාගොඩ මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ඒ.ඩී සරදිලේ ප්‍රනාන්දු මහතා

පාසල රජයට පවරාගත් දිනය

 1902 

පාසල පැවැත්වූ ස්ථානය

නිල්පනාගොඩ,මිනුවන්ගොඩ.
ප්‍රථම ශිෂ්‍යයාගේ නම බී එව් සරණපාල

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ඒ.ඒ රත්නාවතී 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1890