පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (1-9)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
- කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.
පිරිමි ළමුන් (10-11)
- අතේ දිග උරහිස සිට අඟල් හතයි
- අතේ වට ප්‍රමාණයට වඩා අඟල් තුනක් විශාල විය යුතුය
- කමිසයේ දිග අත්දෙක ඉහළට එසවූ විට පිටතට නොයන සේ තිබිය යුතුය
- ඉණ පෙකනිය දක්වා උස තිබිය යුතුය
- දිග සීරුවෙන් සිටින විට මේස් නොපෙනෙන සේවිය යුතුය
- ෆෝල්ට් එක කකුලේ වට ප්‍රමාණයට වඩා අඟල් හතරක් විශාල විය යුතුය
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.
ගැහැණු ළමුන් (1-11)
- කොණ්ඩය පහතට වනසේ කරල් දෙකක් ලෙස ගෙතිය යුතුය.
- අතේ දිග අඟල් හතයි.
- අත වට ප්‍රමාණයට වඩා අගල් දෙකක් විශාල විය යුතුය
- කෙටි විවරය
- රැලි අඟල් 1 1/2 යි
- සායේ දිග සීරුවෙන් සිට ගත්විට දනහිස නොපෙනෙන පරිදි විය යුතුය
- සුදු සපත්තු හා මේස්