- කලට වේලාවට පැමිණීම සෑම ළමයෙකුගේම යුතුකමය.
- නිල ඇඳුම් සඳහා නියමිත ඇඳුම් යොදා ගැනීම වැදගත් වේ.
- අවසර නොමැතිව විදුහලට නොපැමිණීම සලකනුයේ වරදක් ලෙසය. එසේ කරන අයට යෝග්‍ය දඬුවම් දෙනු ලැබේ. බලාපොරොත්තු නොවූ නොවැළැක්විය හැකි හේතුවක් නිසා විදුහලට නොපැමිණි දරුවකු නැවත විදුහලට එන දින හේතු දක්වා සටහනක් කළ යුතුය.
- විදුහල පවත්වන වේලාව තුළ කිසිම ළමයෙකුට විදුහල්පතිගේ අවසරයද පන්තිභාර ගුරුවරයාගේ දැනුමද නොමැතිව ව්දුහලෙන් පිටවිය නොහැක.
- විදුහල අවසන් වන තෙක් තබාගෙන සිටිය නොහැකි අවස්ථාවක දී පමණක් පාසලෙන් එවනු ලැබේ.
- කිසියම් ගැහැනු ළමයෙකු නියමිත පාසල් කාලය අවසන් වීමට පෙර පාසලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මව/ පියා/භාරකරු පැමිණිය යුතු වේ.
- වදුහල්පතිට ලියවිල්ලකින් නොදන්වා මාස 3 කට වැඩි කාලයක් පිට පිටම නොපැමිණි අයගේ නම් නාම ලේඛනයෙන් ඉවත් කරනු ලැබේ.
- මනා චරිතවත් හා විනීත ලෙස දරුවන් හැඩගැස්වීමට බලාපොරොත්තු වෙමු. විදුහලේ නීති කඩකරන විදුහලේ හෝ පිටත දී අනවශ්‍ය ලෙස හැසිරෙන දරුවන් පිළිබඳව නීතිමය පියවර ගනු ඇත.
- විදුහලෙන් දරුවකු අස් කරගන්නට බලාපොරොත්තු වන අය සතියකට පෙර දැනුම් දීම මැනවි. පාසලට දරුවා භාරදුන් මව හෝ පියා හෝ භාරකරු විසින් අත්සන් කිරීම කළ යුතුය.